Skip to main content

Posts

Recent posts

විජේරාමේ නිල නිවසට සමුදුන් හිටපු ජනපති මහින්ද තැබූ සටහන

  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාමයේ පිහිටි නිල නිවසට සමුදීමෙන් පසු අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා තිබේ. එමගින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පසුගියදා සම්මත කිරීමත් සමග බලාත්මක වූ නව නෛතික තත්ත්වයට ගරු කරමින් තමන් නිල නිවසින් ඉවත් වූ බවය. හිටපු ජනාධිපතිවරයා සිය මුහුණු පොතේ සටහන් කර ඇති සම්පූර්ණ සටහන පහතින්, "ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පසුගිය 10 වන බදාදා දින පාර්ලිමේන්තු හිදී සම්මත කිරීමත් සමඟ බලාත්මක වූ නව නෛතික තත්ත්වයට ගරු කරමින් ඊයේ දින එනම් 11 වන බ්‍රහස්පතින්දා දින පස්වරුවේ, මා වෙත මෙතෙක් නීත්‍යානුකූලව ලබා දී තිබු විජේරාම නිල නිවසින් ඉවත් වූයෙමි.  මින් පෙර ඇතමුන් විසින් විජේරාම නිල නිවසින් පිටව යන ලෙස මාධ්‍ය ඉදිරියේ සිදු කරන ලද විවිධ විධානයන් මම දුටුවෙමි. ජනතාව වෙනුවෙන් කිසිවක් කළ නොහැකිව ඉතා කෙටි කාලයක් තුළ දිනෙන් දින ජනතා අප්‍රසාදයට ලක්වන පිරිසක් තම නොහැකියාව වසා ගැනීමට මාධ්‍ය ඉදිරියේ සිදු කළ එම ප්‍රකාශයන්ට අවනත වීමේ අවශ්‍යතාවයක් මට නොතිබුණි. එහෙත් පසුව ...

හිටපු ජනාධිපති මහින්ද විජේරාම නිල නිවසට පිටව යයි

 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් අද (11) දහවල් 1.15ට පමණ නික්ම ගියේය. ඒ "ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ" පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුවීමත් සමඟය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද වනතුරු නිල නිවස භාවිත කරනු ලැබූ අතර, ඊයේ (10) දිනයේ සම්මත වූ පනතට අනුව ඔහුට ද එම වරප්‍රසාදය අහිමි වී ගියේය. ඒ අනුව ඔහු විජේරාමයේ පිහිටි නිල නිවසින් නික්ම අද දහවල් හම්බන්තොට කාල්ටන් නිවස වෙත මෙලෙස ගමන් ඇරඹීය.

නේපාලය වෙත ගුවන් ගමන් තහනම්

  නේපාලය වෙත සිදුකෙරෙන සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටවූ බව ශ්‍රීලංකන් ගුවන් සේවය පවසයි. නේපාලය තුළ මේ වනවිට ඇතිව තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත. ඊයේ (09) රාත්‍රී 10 සිට ක්‍රියාත්මක වන පරිදි නේපාලයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම එරට හමුදාව ඇතුළු ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ. උත්සන්න වන ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම සඳහා මෙම තීරණ ගෙන ඇති බව එරට හමුදාව පැවසීය. අර්බුදයෙන් ප්‍රයෝජන ගනිමින් ඇතැම් කණ්ඩායම් කොල්ලකෑම්, ගිනි තැබීම් සහ දේපොළ විනාශ කිරීම සිදුකරන බව ද නේපාල හමුදාව නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වේ. සමාජ මාධ්‍ය තහනම් කිරීමට එරෙහිව නේපාලයේ විරෝධතාකරුවන් එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල, අගමැතිවරයාගේ නිවස ඇතුළු ගොඩනැගිලි රැසක් ගිනි තබා ඊයේ විනාශ කර තිබුණි. පුද්ගලයින් රැසකට මරු කැඳවූ නේපාල විරෝධතාවලින් අනතුරුව එරට අගමැති KP ෂර්මා ඔලි සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ පනවා ඇති ඇඳිරිනීතිය නොතකා සිදුකරන විරෝධතා අතරතුර අගමැති ඕලිගේ නිවස, ජනාධිපති රාම් චන්ද්‍ර පෝදල්ගේ නිවස, නේපාලයේ පාලක කොංග්‍රස පක්ෂයේ කාර්යාලය, මෙන්ම තවත් දේශපාලනඥයින් පිරිසකගේ නිවාස ගිනි තබා වනසා ඇති පසුබිමකය...

News

Political Developments: Presidential Election: Anura Kumara Dissanayake of the National People's Power (NPP) was elected President on September 21, 2024, marking the first time a third-party candidate has assumed the presidency in Sri Lanka. Parliamentary Election: The NPP secured a significant victory in the parliamentary elections held on November 15, 2024, obtaining over a two-thirds majority. This majority grants them the authority to amend the Constitution, aligning with their campaign promises. Economic Updates: Credit Rating Upgrade: Sri Lanka has exited the 'Restricted Default' rating, reflecting improvements in the country's financial stability. GDP Contribution: The Western Province continues to lead in economic contribution, accounting for 43.7% of the Gross Domestic Product (GDP) in 2023. Incidents: Bus Accident: A tragic accident occurred on the Hatton–Kandy main road, where a bus toppled down a precipice, resulting in two deaths and 23 injuries. Inte...

දේශපාලනයට ඕනෑ අවංක භාවයයි, අධ්‍යාපන සුදුසුකම් නෙවෙයි - මහින්ද දේශප්‍රිය

  දේශපාලනයට අවශ්‍ය වන්නේ අවංකභාවය මිස අධ්‍යාපන සුදුසුකම් නොවන බව හිටපු මැතිවරණ     කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා. නමුත් අධ්‍යාපන සුදුසුකම් ඇති බවට ප්‍රකාශ කළා නම් ඒවා පෙන්වීමට අවශ්‍ය බවයි අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ. ජනතාව තනතුරු බලා ඡන්දය ලබාදෙන බවට තමන් විශ්වාස නොකරන බවයි හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.